මා තව නොදනී
මා සිතට එබී මගෙ ළඟින් හිඳී
හැමදාමත් අයියණ්ඩී
ඔය දෙනෙත් ළඟයි මා සසල වුණේ
ඇයිදැයි මා තව නොදනී
ජීවිතය අරං මා දෝත පුරා
ඔබ සමඟින් එමි හිනැහී
මේ සසර පුරා ඔබ නමින් සදා
කැපවෙන්නෙමි කුමරුවනී
නුඹෙ හැඟුම් දැනී මා සිත පිබිඳී
පෙම්වත් වෙයි ඔබ හමුවේ
මුළු ලොවම හැරා ඔබ වෙතට එමී
ඔබෙ සිත් අහසට සඳ වී
<<<<එරන්දි කුමුදුනී හේවාතන්ත්‍රී>>>>
No comments:
Post a Comment